Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st March 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස් ආර් බි අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.03.21 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

තවද ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් අස්ගිරිය සහ ගෙඩිගෙයි යන විහාරස්ථානයන්හි මාහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදි. 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ WWV RWP RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් හට 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක භට පිරිස් සහාභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී ආඥාපති තුමන් සමුහ ඡායාරූපයකට පෙනි සිටිමෙන් අනතුරුව 1 ශ්‍රිලංකා රයිෆල් බලකාය හිදි පාබල සේනාංකය හා ඒ යටතේ පාලනය වන පාබල බසේමු/ඒකක‍යන්හි සියළුම භට පිරිස් අමතා සියළු නිලයන් එක්ව තේ පැන් සංග්‍රහයකට සහභාගි වී සංචාරය නිමාවට පත් කරන ලදී.