Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2025 15:46:45 Hours

බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) නව තනතුරේ රාජකාරි ඇරඹුම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හී බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) කාර්යාලයේ නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් නි/3383 බ්‍රිගේඩියර් එන් මහවිතාන කේඵස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මැයි මස 09 වන දින පෙ:ව 0845 පැයට යෙදුණු සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර, ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන විවිධ ප්‍රදේශයන් හී රාජකාරි ඉටුකර ඇති පරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) කාර්යාලයේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වන ලදී. නව තනතුරේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් මෙම මුලස්ථානයේ සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත සුභ පැතුම් එක් කරන ලදී.