Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2025 09:19:52 Hours

තිස්සමහාරාම රජමහා විහාරයේ ශ්‍රමදානයක් පැවැත්වීම

වෙසක් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව 12 වන ගජබා බළඇණියේ භට පිරිස් විසින් 2025 මැයි 10 සහ 11 දෙදින තුල තිස්සමහාරාම රජමහා විහාර පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් සංවිධානය කරන ලදී.

තිස්සමහාරාම රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම උතුම් කාර්යය සිදු කරන ලද අතර,එම භඨ පිරිස් විහාර පරිශ්‍රයේ පිරිසිදුකම සහ අලංකාරවත් බව සඳහා කැපවීමෙන් කටයුතු කළහ