Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd May 2025 17:27:57 Hours

මහනුවර කුණ්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම

මහනුවර කුන්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසලෙහි 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිමේ උත්සවය 2025.05.23 වන දින 1300 පැයට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වූ අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 45 දෙනෙකු හට නිල ලාංජන පැලදවීමට කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.

ඒ අනුව එම අවස්ථාව සඳහා පැමිණි සේනාංකාධිපතිව පාසල් ගුරුභවතුන් සහ දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු, උත්සව කටයුතු ආරම්භකරන ලදි. එම අවස්ථාව සඳහා පාසල් ගුරුවරුන් සහ දරු දැරියන්ද සහභාගිවිය.