Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st November 2025 00:00:00 Hours

ආසේමු බළ ප්‍රදේශයේ ඒකකයන් වෙත නවතමයෙන් එක් වු තරුණ නිලධාරින් හට ඒකක පරිපාලනය සහ ගිණුම් කටයුතු පිළිබද පාඨමාලාවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් මත භකාස අණසක (මධ්‍යම) ආඥාපති තුමාගේ මගපෙන්විම යටතේ ආසේමු බළප්‍රදේශයේ ඒකකයන් වෙතින් පැමිණි පාඨමාලා අංක 70/ඒ හා 70/බී යන පාඨමාලාවන්ට අයත් නිලධාරි 08 දෙනෙක් සදහා 2025.11.03 වන දින සිට 2025.11.21 වන දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දී පවත්වන ලදි.

නවතමයෙන් පැමිණි තරුණ නිලධාරින් හට තම ඒකකයේ රාජකාරි කිරිමේදි ඒකක ගිනුම් කරනය හා ඒකක පාලන කටයුතු පිලිබද න්‍යාත්මික දැනුම වර්ධනය කිරිමේ අරමුනින් එම පාඨමාලාව පවත්වන ලදි.