Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

ආසේමු(මධ්‍යම) ධජය

රතු පැහැයෙන් හා ශ්‍රි ලංකා ධජයෙහි ඇති පැහැයන්ගේ සම්මිශ්‍රයෙන් ආසේමු (මධ්‍යම) ධජය වර්ණවත් වී ඇත. ධජයේ මධ්‍යය රවුම් හැඩයක් ගන්නා අතර, එහි නිල් රතු හා සුදු යන වර්ණයන්ගෙන් සැදුම් ලත් වළලු 3ක් වේ. එමගින් හමුදාව තුලින් ආරක්ෂා කල යුතු දිවයිනක් නිරෑපනය වේ. ආසේමු (මධ්‍යම) මුලස්ථානය විසින් වගකීම් දරන්නා වු භූමි බාගය උපුල් වන් දෙවියන් (නිල්), කතරගම දෙවින් (රතු) හා සමන් දෙවියන් (සුදු) විසින් ආරක්ෂා කරන මෙම වර්ණයන් තුලින් විද්‍යාමාන කරනු ලබයි.

ශ්‍රි පාදය –

ඉතාමත් වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර, ප්‍රදාන ආගම් 04ක් විසින් ගෞරව දක්වනු ලබයි. මෙය ජාතික සමගිය හා ආගමික සංහිදියාව නිරෑපනය කරයි. තවද, මෙම අංගයන් සියල්ලෙන් යුද්ධ හමුදාවෙහි නිර්භීත භාවය විදහා දක්වයි.

ශ්‍රි පාද කදු මුදුනින් ඇරබෙන ගංගා සතර –

මෙම ගංගා සතරින් සශ්‍රිකත්වය මෙන්ම යුද්ධ හමුදාව විසින් දෙනු ලබන ආඥාවන් නිරෑපණය වේ.