Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

ඉතිහාසය - ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)

මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් ඉහලින් පිහිටා ඇති අති රමණිය දියතලාව 20 වන ශතවර්ෂය හිදී ප්‍රමුඛ නගරාරක්ෂක බලකොටුවක් බවට පත්වූ අතර, එහිදී බෝයර් යුද්ධයේ යුද සිරකරුවන් රදවා තබා ගන්නා ස්ථානයක් ලෙස ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලදි. කාලයත් සමගම විවිධාකාර වූ විපර්යාසයන්ට මුහුන දුන් දියතලාව ප්‍රමුඛ යුධ පුහුණු මධ්‍යස්ථානයක් බවට අද පත් වී ඇත. මෙම යුධ හමුදා ජනපදය ආඥා මුලස්ථානය පුහුණු අණසක, ශ්‍රි ලංකා යුධ හමුදා විද්‍යාපීඨය, ප්‍රගූණ හා සැගවුණු වෙඩික්ක‍රු පුහුණු පාසල, ස්වේච්ජා පුහුණු පාසල යන යුධ හමුදා මුලස්ථාන, පුහුණු පාසැල් හා යුධ හමුදා ක‍ඳවුරැ එකතුවෙන් සෑදී ඇත

2013 මාර්තු මස14 දින ආසේමු(මධ්‍යම) මෙම දියතලාව නගරයෙහි ස්ථාපණය කළ අතර, ප්‍රථම ආඥාපතිත්වය මේජර් ‍ජෙනරාල් එච්සීපී ගුණතිලක ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි විසින් දරණ ලදි. දැනට මෙම මුලස්ථානය ආඥාපතිවරුන් දොළොස් දෙනෙකු යටතේ පාලනය වී ඇති අතර 2021 ජනවාරි මස 24 දින සිට මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි දහතුන් වන ආඥාපතීවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.