28th March 2024 20:38:26 Hours
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සංකල්පයකට අනුව වාර්ෂිකව දරුවන් උදෙසා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ 2024 වර්ෂයේ තේමාව මුඛ්‍යමාන කරමින් "අගය කළ යුතු දරුවකු වන්නේ කෙසේද" යන තේමාව යටතේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද හපුතලයේ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් ළමුන්, ළමා සමාජ, දහම් පාසල්, සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යයනය ලබන දරුවන් 260 ක් සම්බන්ධ කර ගනිමින් 2024.03.26 වන දින ඉතාමත් සෞන්දර්යාත්මක වැඩසටහනක් පවත්වන ලදි.
21st March 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස් ආර් බි අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.03.21 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
18th March 2024 19:17:10 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කර වසර 11 ක් සපිරීම නිමිත්තෙන් 2024.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් පවත්වමින් සංවත්සරය සමරන ලදි.
22nd February 2024 00:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන් 2024.02.22 වන දින එළබෙන රාම්සාන් උත්සවය සඳහා ඉස්ලාම් භක්තිකයින් වෙත රටඉඳි බෙදාදිමේ වැඩ සටහනක් සිදුකරණ ලදි.
21st February 2024 21:41:53 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ශ්‍රී ලංකා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ සහයක ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන ලුතිතන් කර්නල් මන්දීප්සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.02.19 වන දින ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.
21st February 2024 21:35:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් හා මගපෙන්විම යටතේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරීමේ පුණරික්ෂන පාඨමාලාවක් 2024.02.19 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සියලුම කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වා සිටින නිලධාරි/නිලධාරිනියන් හට පවත්වන ලදී.
07th February 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, විජයබා පාබල රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.02.06,07,08 යන තෙදින තුල 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
12th January 2024 21:08:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.01.10 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාරගන්නා ලදි.
10th January 2024 00:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වෙතට 2024.01.10 වන දින රාත්‍රි කාලයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන ලද අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා දහහතර දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා දියතලාව දුම්රිය ස්ථාන නිලධාරීන්ගේ ද සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කර යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි
08th January 2024 16:47:23 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.01.05 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.