Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th September 2022 20:36:26 Hours

11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කාත්තන්කුඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 24 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙහිදී 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් වෙරළ තීරයේ තිබූ ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදිය ඉවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ සහය ඇතිව සාමාන්‍ය ජනතාව තුළ ආකල්පමය පිබිදීමක් ඇති කර වෙරළතීරයේ වටිනාකම හඳුනා ගැනීම සඳහා මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී.