Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd March 2024 10:37:05 Hours

12 ශ්‍රිලංජාආබමු ඒකකය විසින් මඩකලපුව/කල්කුඩා පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසලේ පාසල් භූමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ 232වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් 12 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරි මේජර් එච්එම්වීපි හේරත් ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් එම ඒකක බලප්‍රදේශයට අයත් මඩකලපුව/කල්කුඩා පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසලේ පාසැල් භූමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024.03.15 වන දින මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදුකරන ලදි. ඒ සදහා 12 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 02 x15 ක භඨපිරිස් ප්‍රමාණයක් සහ සිවිල් වැසියන් 15 ක් සහභාගි වන ලදි.

තවද මෙතෙක් කලක් වල් බිහිවි තිබු පාසල් භූමිය සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සදහා සුදුසු මට්ටමකට පත් කිරිම සදහා මෙම ශ්‍රමදානය මහත් පිටුවහලක් වු බවට විදුහල්පති හා දෙමාපියන්ගේ ඇගයිමට ද ලක්විය.