Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th February 2024 15:30:51 Hours

12වන ගැමුණු හේවා බළඇණිය විසින් දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර සරණ වැඩිහිටි නිවාස‌ෙය් වැඩිහිටියන් 15 දෙනෙකු හට දිවා ආහාර වේලක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙයි.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ උපදෙස් පරිදි 23 පාබල සේනාංක මුලස්ථානයේ සහ 231 පාබල බළසේනා මුලස්ථානයේ අධික්ෂණය යටතේ 76 වන නිදහස් දිනයට සමගමීව 2024 පෙබරවාරි මස 05 වන දින 12වන ගැමුණු හේවා බළඇණියේ පුර්ණ දායකත්වයෙන් සරණ වැඩිහිටි නිවාසය - උත්තලපුර දෙහිඅත්තකණ්ඩිය හි රැකවරණය ලබන වැඩිහිටියන් 15 දෙනෙකු හට ප්‍රනීත දිවා ආහාර වේලක් හා වැඩිහිටියන්ගේ විනෝදාශ්වාදය සදහා සංගීතමය වැඩසටහනක් පවත්වන ලදි

තවද වැඩිහියන්හට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් තෑගි පාර්සල්, වියලි ආහාර ද්‍රව්‍ය, වැඩිහිටි නිවාසය සදහා එල්ඊඩී බල්බ, තේ පානය සදහා අවශ්‍ය සලාක ද්‍රව්‍ය බෙදා දෙන ලදි

මෙම අවස්ථාව සදහා ඒකක අණදෙන නිලධාරි මේජර් ජිඑස් රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළුව නිලධාරීන් 05 x10 භටපිරිසක් සහභාගිවන ලදි