Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th March 2024 19:38:29 Hours

14වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව විසින් පොතුවිල් සිංහල පාසලේ ඩෙංගු මර්ධන වැඩ සටහන් පවත්වයි.

පවතින කාලගුණික තත්ත්වය සමග දිවයිනේ නැඟෙනහිර පළාතේ ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් 14වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව විසින් විසින් පොතුවිල් සිංහල පාසලේ සහාය ඇතිව 2024 පෙබරවාරි 27 වන දින පොතුවිල්හිදී උදෑසන 0900 පැයේ සිට 1230 පැය දක්වා ඩෙංගු මදුරුවන් බෝවියහැකි ස්ථාන විනාශ කිරීමේ සදහා වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා 14වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ 1x10 භට පිරිස් ප්‍රමාණයක් සහ පොතුවිල් සිංහල පාසලේ සිසුන් 10 දෙනෙකු සහභාගී විය.

242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේපීඑල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 14වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී නිලධාරීන් අධීක්ෂණය මත සහ භටපිරිස්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.