Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2023 09:46:35 Hours

15 ශ්‍රීලපාහ ඒකකයේ භටපිරිස් විසින් තඹලගමුව ප්‍රාදේශිය රෝහලෙහි හදිසියේ ඇති වු විශාල ගින්නක් මැඩපවත්වයි

15 ශ්‍රීලපාහ ඒකක බලප්‍රදේශයේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති තඹලගමුව ප්‍රාදේශිය රෝහලෙහි බෙහෙත් ද්‍රව්‍ය ගබඩා කරනු ලබන ගොඩනැගිල්ල තුල 2023.10.01 වන දින උදැසන 0545 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් සිදුව ඇත.

ලද තොරතුරු වලට අනුව රෝහලේ බෙහෙත් ගබඩාව තුල සවිකර තිබු වායු සමිකරණ යන්ත්‍රයේ විදුලි කාන්දුවිමක් හේතුවෙන් එහි තිබු රසායනික ද්‍රව්‍ය වලට ගිණිගෙන ගින්න පැතිරුන බවට තොරතුරු අනාවරණය වි ඇත.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ 15 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් එන්සි මාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු උපදෙස් හා මග පෙන්විම යටතේ නිලධාරි/ සෙසුනිලයින් 02×65 ක පිරිසක් එම සිදුවිම සැලවිමත් සමග එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්විම සදහා ක්‍රියා කරන ලද අතර, මේ සදහා ත්‍රිකුණාමලය ගිණි නිවිමේ ඒකකය හා තඹලගමුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් 30 දෙනෙකුගේ සහයද ලැබිණි.

තවද එම ගිණි ගැනිම හේතුවෙන් එහි සේවය කරන ලද කාර්ය මණ්ඩලයට, රෝගින් හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකු හට තුවාල සිදුවි නොමැති අතර, එහි තිබු බෙහෙත් ද්‍රව්‍ය සහ ගොඩනැගිල්ලට පමණක් දැඩි හානියක් සිදුවි ඇත.

එම ස්ථානයේ ඇතිවි තිබු ගින්න අවට ගොඩනැගිලි වලට පැතිරිම වැලක්විම සදහා මහත් වෙහෙසක් දැරිමට සිදුවි ඇති අතර, එම අවස්ථාවේ යුද්ධ හමුදා සෙබළුන් විසින් ඇති වි තිබු තත්වය පාලනය කිරිම සදහා දැක්වු සහයෝගය පිළිබඳව රෝහල් කාර්යය මණ්ඩලය හා තඹලගමුව ප්‍රාදේශීය ලේකම් තුමිය මෙන්ම ගම්වාසින්ගේද කෘතඥතාවය ප්‍රකාශ කලහ.