Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 14:42:07 Hours

15වන ශ්‍රිලංකා පාබල බළඇණිය 76 වන නිදහස් දිනට සමගාමීව නිදහස් සැමරුම් උළෙලක් සූරංගල් නඩඋත්තු සුනාමි ගම්මානයේ දී පවත්වන ලදි.

15වන ශ්‍රිලංකා පාබල බළඇණියේ ඒකක අණදෙන නිලධාරිගේ සංකල්පයකට අනුව 76 වන නිදහස් දිනට සමගාමීව නිදහස් සැමරුම් උළෙලක් 15වන ශ්‍රිලංකා පාබල බළඇණිය හා පවර් බෝයිස් මාධ්‍ය ආයතනය එක්ව සූරංගල් නඩඋත්තු සුනාමි ගම්මානයේ දී පවත්වන ලදි.

මේ සදහා 15වන ශ්‍රිලංකා පාබල බළඇණියේ නිලධාරී 02 ක් හා සෙසුනිලයින් 20 දෙනෙකු ඇතුලු සිවිල් වැසියන් 120 ප්‍රමාණයක් සහභාගී විය. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කින්නියා ප්‍රාදේශීය ලේකම් සහභාගී විය.