05th October 2022 20:38:45 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබිපි ආර්එස්පි එනඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ආර්ඩබිපි ආර්එස්පි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන පවත්වන ලදී.
මේ සදහා 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුෙව් භඨපිරිස් විසින් අම්පාර “මානව හිමිකම් කොමිෂන් සභා” ගොඩනැගිලි පරිශ්‍රය හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.
තවද, 241 වන පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, ලුතිනන් කර්නල් තිලක් කුමාරසිරි, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණිය අණදෙන නිළධාරී, මේජර් මංජුල අලවත්ත, පරිවාස සහ ළමාරක්ෂක නිළධාරී, සිය කාර්ය මණ්ඩලය, නිළධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට එක්ව සිටියහ.