Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th November 2022 15:10:51 Hours

2 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් වී අස්වනු නෙලීමේ උත්සවයක් පවත්වයි.

වගා නොකරන ලද පුරන් කුඹුරු නැවත වගා කිරිමේ ජාතික වැඩසටහනට අනුව ආරක්ෂක සේනා (නැගෙනහිර) භටපිරිස්ද දායකත්වය දක්වමින් 2 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් නැවත වගාකර, ඒම කුඹුරුවල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍ය 2022.11.11 දින ගිරිතලේ ප්‍රදේශයේදී සිදුකරන ලදී. අස්වනු නෙලීමේ මංගල්‍ය සදහා 2 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිළධාරී, මේජර් එරන්ද නේරංගම ජ්‍යෙෂ්ඨ නිළධාරී සමගින් සෙසු නිළධාරින්, සෙසුනිලයින් සහ ගම්වාසීන් එම අවස්ථාවට සහභාගි වන ලදී.