Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 14:53:40 Hours

20වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පරණමැදවච්චිය විද්‍යාලයේ දරුවන් සඳහා පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි

22වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සංකල්පයකට අනුව 221වන පාබල බළසේනාධිපතිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 20වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී හා සියළු නිළයින් විසින් පදවිය ශ්‍රීපුර ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයට අයත් පරණමැදවච්චිය ග්‍රාමසේවා වසමේ ත්‍රී/උතු පරණමැදවච්චිය විද්‍යාලයේ දරුවන් 99 දෙනෙකු සඳහා 2024 පෙබරවාරි මස 06 වන දින රු.900,000.00ක් පමණ වටිනා පාසල් පොත්/ක්‍රීඩා උපකරණ/පාසල් නිළ ඇදුම්/සංගීත භාණ්ඩ හා ප්‍රථමාධාර කට්ටලයක් ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා 221වන පාබසේමුහී සිවිල් සම්බන්ධීකරන නිළධාරී සහභාගී වූ අතර, 20වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නි/සෙනීන් 05x25 ගේ සහයෝගයද ලබාදෙන ලදි.

තවද මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සඳහා කොළඹ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පී කොරතොට මහත්මිය ඇතුලු පිරිසකගේ ධනපරිත්‍යාගය ලබාදුන් අතර, නියෝජිත පිරිස 20දෙනෙකු පමණ උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.