Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2022 12:09:15 Hours

223 පාබල බළසේනාවේ නව බළසේනාංකාධිපති රාජකාරි අරඹයි

223 පාබල බළසේනාවේ 8 වන බලසේනාධිපති වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් වයි එච් පී රංගජීව යූඑස්පී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැම්බර් මස 30 වන රාජකාරී භාර ගන්නා ලදි.

බළසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බළසේනාධිපති 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිළධාරි විසින් ඉතා උණුසුමි අයුරින් පිළීගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරය බළසේනාධිපති වෙත පිරිනමන ලදි. පසුව නව බළසේනාධිපති සිය කාරයාලයේදී ආගමික හා හමුදා සම්ප්‍රධානුකූලව ලේඛණයකන්ට අත්සන් තබමින් නව දුරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

අනතුරුව රාජකාරි භාරගැනිම සනිටුවහන් කිරිම සදහා අඹ පැළයක් රෝපනය කල බළසේනාධිපති අවසන වශයෙන් සමූහ ඡායාරූපයකටද පෙනි සිටියහ.

මෙම අවස්ථාව සද‍හා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිළධාරි ලුතිතන් කරනල් සුරංග පිළිමතලාව ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු බළසේනා මුලස්ථානයේ නිළධාරි හා සෙසු නිළයින් සහභාගි වුහ.