Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th April 2024 20:08:01 Hours

23 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් මුස්ලිම් ප්‍රජාව සඳහා ‘ඉෆ්තාර් ’ උත්සවයක්

ඉස්ලාම් භක්තිකයන් රාම්සාන් මාසයේදී සිදුකරනු ලබන උපවාසය අත්හැරීම හෙවත් 'ඉෆ්තාර්' චාරිත්‍රය පුනානි ප්‍රදේශයේ ජිවත්වන ඉස්ලාමීය ප්‍රජාව සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 8 දින 23 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් රැස්ව සිටි පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව සියලු ජන කොටස් අතර ආගමික සහජීවනයේ වැදගත්කම අවධාරණය කරන ලදී. පසුව චාරිත්‍රානුකූලව ඉස්ලාම් චාරිත්‍ර ඉටුකරමින් ආහාර අනුභව කරනු ලැබීය. එහිදී මව්ලවි එම්. සකීල් විසින් ඉස්ලාමීය චාරිත්‍රයක් වන උපවාසය සහ එහි වැදගත්කම, අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ආගමික විශ්වාසයන් අතර එහි සමානකම් අවධාරනය කරමින් දේශනාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වුවන් මුස්ලිම් ආගමික යාඥාවන් පැවැත් වූ අතර, පසුව ඔවුන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වෙත සාම්ප්‍රදායානුකූලව රන් සලුවක් ප්‍රධානය කරමින් ඔවුන්ගේ උසස්ම ගෞරවය දක්වන ලදී.

තම ආගමික විශ්වාස කිරීම හා ගරු කරමින් විශාල ආගමික උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සංවිධායිකයන් හට ප්‍රශංසා කළ අතර, මෙම අවස්ථාවට ඉස්ලාම් ආගමේ ආරාධිත භක්තිකයින් 40 කට වැඩි පිරිසක් සහභාගී විය. 231, 232, 233 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මූලස්ථාන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 23 පාබල සේනාංකවල නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ද සහභාගී වූහ.