Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th March 2024 09:12:30 Hours

23 වන පාබල සේනාංකය විසින් මූල්‍ය කළමනාකරණය පිළිබඳව දේශනයක් පවත්වන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 23 වන පාබල සේනාංකයේ භඨපිරිස්ගේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ දේශනයක් 2024 මාර්තු මස 20 වන දින 23 වන පාබල සේනාංක මුලස්ථානයේ දේශණ ශාලාවේ සංවිධානය කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ජාත්‍යන්තර පුහුණු සම්මේලනයේ කීර්තිමත් පුහුණුකරුවෙකු වන ජූඩ් ෆොන්සේකා මහතා විසින් පූනානිහි පිහිටි 23 වන පාබල සේනාංක මූලස්ථානයේදී සිදුකල අතර විචක්ෂණශීලී මූල්‍ය පිරිවැය සැබැදිව භඨපිරිස් දැනුවත් කිරීමේන් අරමුණ ඇතිව මෙම දේශනය පවත්වන ලදි. 23 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සහභාගි වූ මෙම දේශණය මනා ලෙස මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම අවධාරණය කරන ලදි.