Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th July 2023 09:45:24 Hours

23 වන සේනාංක භඨ පිරිස් හබරණ රක්ෂිතයේ ඇතිවු හදිසි ගින්නක් මැඩ පවත්වයි

2023 ජුලි මස 08 වන දින හබරණ රක්ෂිතයට අයත් ගල්ඔය, යකාවංගුව ප්‍රදේශයේ රක්ෂිතයෙහි හදිසි ගින්නක් ඇතිවු අතර, එම ගින්න අඩවි වනසංරක්ෂණ කාර්යාලය - හබරණ කාර්යය මණ්ඩලය සහ අවට ගම්වාසීන් සමඟ එක්ව ගින්න පාලනය කර පැතිරයාම අවම කිරීමට මුලික වශයෙන් කටයුතු කර ඇත. ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨපිරිස් සහභාගී කර ගනිමින් කඩිනමින් මෙම හදිසි ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කරන ලදි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිග්‍රේඩියර් නිලන්ත ප්‍රේමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 231 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ 02 x 30 ක භඨපිරිසක් සහ 5 (සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුවේ 01 x 20 ක භටපිරිසක් සහභාගී කර ගනිමින් මෙම හදිසි ගින්න ඉතා ඉක්මනින් නිවාදමා සාර්ථකව මැඩපැවැත් වු අතර, එම ගින්නෙන් හබරණ රක්ෂිතයේ සහ වන ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු විය.