Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th February 2022 08:27:00 Hours

233 බළසේනාවෙ බළසේනාධිපති විසින් වාර්ෂික ක්‍රිකට් හමුව සදහා කුසලාන භාර දෙයි

මඩකලපුව දිස්ත්‍රික්යේ වාකරේ මහා විද්්‍යාලයේ සහ කදිරවේලි විග්නේෂ්වරම් විද්්‍යාලයේ විදුහල්පති වරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් වසන්ත හේවගේ ජෙයෂ්ට නිලධාරී විසින් ඔවුන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය වන “Battle of Sunrise” සඳහා අව්‍යශ කුසලාන ප්‍රධානය කරන ලදී.

මෙම කුසලාන (රු. 35000.00 ක් වටිනා) ආචාර්ය වී රවිකුමාර් මහතා විසින් අනුග්‍රහය දක්වන ලද අතර එය නිල වශයෙන් 2022 පෙබරවාරි 15 වන දින පාසල්වල විදුහල්පතිවරුන් වෙත භාර දෙන ලදී.

මෙම වැඩසටහන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත පවත්වන ලද අතර එය 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ජ්යෙඟෂ්ඨ නිලධාරි විසින් අධීක්ෂණය කරන ලදී.