Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th July 2023 21:40:07 Hours

24 වන පාබල සේනාංකය විනෝද චාරිකාවක් සංවිධානය කරයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයසහ මගපෙන්වීම මත 2023 ජුනි 30 වන දින24 වන පාබල සේනාංකයේ භට පිරිස් අතර කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම, ආතතිය සහ ඒකාකාරීභාවය අඩු කිරීම සහ භට පිරිස් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විනෝද චාරිකාවක් සැලසුම් කරන ලද අතර එහිදී සේනාංක මුලස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන භට පිරිස් හට මුහුදු මහා විහාරය සහ ආරුගම් බොක්ක ප්‍රදේශය සංචාරය කිරීමට අවස්ථාව හිමි විය.

ඒ අනුව භට පිරිස් ප්‍රථමයෙන් ඓතිහාසික මුහුදු මහා විහාරය සහ ඓතිහාසික ප්‍රතිමා ගවේෂණය කල අතර ඔවුන් හට තම සගයින් සහ පවුලේ ඥාතීන් සමග ස්වභාව සෞන්දර්යයෙන් වට වූ ආරුගම් බොක්ක වෙරල තිරයේ තීරයේ විනෝද වීමට සහ විවිධ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වල නියැලීමටද අවස්ථාව සලසන ලදී. මෙම චාරිකාව සඳහා 24 වන පාබල සේනාංකයේ සියලු නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.