Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st September 2023 22:28:48 Hours

242 පාබල බලසේනාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

242 පාබල බලසේනාව සහ 14 වන ශ්‍රි ලංකා සිංහ රෙඡිමේන්තුව විසින් 2023 සැප්තැම්බර් මස 15 වන දින පොතුවිල් මුහුදු මහා විහාරය වෙරළ තිරයේ සිට අරුගම්බේ වෙරළ තිරය දක්වා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන සඳහා 01 x 15 භට පිරිසක් සහභාගී වූ අතර පොතුවිල් නගර සභාව අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහාය විය.

මේ සදහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත 241 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. 241 පාබල බලසේනාධිපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි 242 පාබල බලසේනාව, 14 වන ශ්‍රි ලංකා සිංහ රෙඡිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරීන් සහ 14 වන ශ්‍රි ලංකා සිංහ රෙඡිමේන්තුව හි සෙසුනිලයින් ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.