Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th February 2024 09:23:34 Hours

2(සෙව්) ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි සහ සෙසුනිලයින්ගේ සංවිධානයෙන් බලප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලු ලබාදෙයි.

22 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සංකල්පයකට අනුව 221වන පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් කේඒඑස්ජේ කොඩිතුවක්කු යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 2(සෙව්) ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි සහ සෙසුනිලයින්ගේ සංවිධානයෙන් යුතුව එක්සත් ජනපදයේ පදිංචි ලෙස්ලි මහතා සහ එම මැතිණියගේ පවුලේ සාමාජිකයින් විසින් පරිත්‍යාග කරන ලද රු: 10000.00 ක් වටිනා පෝෂණ මලු 50 ක ප්‍රමාණයක් ඒකක බලප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා බෙදාදිමේ උත්සවයක් 2024.02.13 දින 2(සෙව්) ගජබා රෙජිමේන්තු - ත්‍රිකුණාමලය මුලස්ථානයේදි පවත්වන ලදි.