Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th February 2024 20:28:51 Hours

4 ගැහේබ ඒකක අණදෙන නිළධාරීගේ ප්‍රධානත්වයෙන් පුන්නකුඩා නැගෙනහිරු පෙර පාසලේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු අරඔයි

අසේමු(නැ) ආඥාපතිගේ උපදෙස් පරිදි 232පාබසේමු යටතේ පාලනය වන 4 ගැහේබ ඒකක බලප්‍රෙද්ශය තුල පිහිටා ඇති පුන්නකුඩා දේවාලංකාර ගම්මානයේ පවත්වාගෙන යනු ලබන නැගෙනහිරු පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ප්‍රයෝජනය සදහා අඩුපාඩුවක්ව පැවති වැසිකිළි පද්ධතියක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පදනමෙහි මූල්‍යමය අනුග්‍රහයෙන් සහ 4 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් වැසිකිළි පද්ධතියේ ඉදිකිරිම් කටයුතු 2024.02.05 වන දින 4 ගැහේබ ඒකක අණදෙන නිළධාරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

තවද මෙම අවස්ථාව සදහා 4 ගැහේබ ඒකකයේ නිලධාර/සෙසුනිලයින් 03X 10 දෙනෙකුද, නැගෙනහිරු පෙර පාසලේ ගුරු මණ්ඩලය ඇතුලු පෙර පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී වන ලදි.