Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th February 2024 20:11:07 Hours

4 ගැහේබ ඒකකයේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් එරාවුර්පත්තු චෙංකල්ලඩි ප්‍රදේශයේ දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකිරිමට මුල්ගල තබයි.

යුද්ධ හමුදාපතිගේ සංකල්පයකට අනුව සෑම ඒකක බළප්‍රදේශයකම ජීවත්වන අඩු ආදායම්ලාභි පවුලක් සදහා යුධ හමුදාවේ දායකත්වය ලබාදි නිවසක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ 232පාබසේමු යටතේ පාලනය වන 4 ගැහේබ ඒකක බලප්‍රදේශයට අයත් එරාවුර්පත්තු චෙංකල්ලඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 146 පෙරියපිල්ලුමලේ ග්‍රාමසේවා වසම තුල දරිද්‍රතාවයෙන් පෙලෙන දිළිදු පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරිම සදහා මුල්ගල තැබීම 2024.02.05 වන දින 4 ගැහේබ ඒකක අණදෙන නිළධාරිගේ ප්‍රධාන්වයෙන් සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා 4 ගැහේබ ඒකකයේ නිලධාරීන් හා සෙසුනිලයින් 04X15 දෙනෙකුද, නිවස ඉදිකිරිමට මූල්‍යම දායකත්වය ලබාදුන් එක්සත් රාජධානියේ ජීවත්වන එලයතම්බි කුමරනිශාන්තන් මහතාද, නිවාස ප්‍රථිලාභියා වන අලගන් සිරිපාලන් මහතා ඇතුලු ඔහුගේ පවුලේ අයවලුන් සහ ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.