Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th March 2024 08:46:54 Hours

4 වන බළඇණිය ගැමුණු හේවා බළකාය විසින් උන්නච්චිය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

ලෝක ජල දිනයට සමගාමිව විවිධ වැඩසටහන් සිදුකරනු ලබන බැවින් ඒ වෙනුවෙන් 232 පාබසේමු යටතේ පාලනය වන 4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ බලප්‍රදේශයට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නච්චිය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය සහ ජලය ලබා ගන්නා ස්ථානවල අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහනක්, ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් අනුව 232 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ 4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිළධාරි මේජර් එස්පිඅයිඑච් සේනානායක පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංවිධානය මත 2024 මාර්තු මස 22 වන දින සිදුකරන ලදි.

මෙම වැඩසටහන සදහා 4 ගැහේබ නිලධාරියකු සහ සෙසුනිලයින් 25 දෙනෙකු හා වව්නතිව් ජල පවිත්‍රාගාරයේ නිලධාරින් ඇතුලුව ක්‍රියාකාරිකයින් 25 දෙනෙකු සමග උන්නච්චිය ගම්වාසින් 06 දෙනෙකු සහභාගි වු අතර වව්නතිව් ජල පවිත්‍රගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි යුධ හමුදාව විසින් සිදුකරන ලද මෙම ප්‍රජා සත්කාරය මඩකලපුව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සහ සමස්ත කාර්ය මණ්ඩලය විසින් ඇගයීමට ලක්කරන ලදී.