Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th July 2023 10:16:02 Hours

6 වන ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 223 පාබල බලසේනාවට අයත් වන 6 වන ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දිමේ වැඩසටහනක් 2023 ජුලි මස 04 වන දින ත්‍රිකුණාමලය මොරවැව රෝහලේ රුධිර බැංකු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිලධාරී පිඩබ්ලිව්එන්පීඩබ්ලිව්බිඑස්යුබි පිළිමතලාව පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වූ අතර, 6ශ්‍රිලසසබ (‍ආධාරක)බළකායේ නිළධාරි/සෙසු නිලයින් 55දෙනෙකුස්වේඡාවෙන් සියරුධිරය පරිත්‍යාග කරන ලදී.