Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th September 2023 11:48:52 Hours

7 වන ගැමුණු හේවා බළඇණියේ බලඇණි සංවත්සරයට සමගාමීව කදිරවේලි තිලකාවතියර් ගැහැණු ළමා නිවාසයේ ළමුන් සදහා දිවා අහාර වේලක්

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය සහ 233 පාබල බලසේනාවේ වැ:බ බලසේනාධිපති කේ එස් පි පොතුපිටිය යුඑස්පි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමීප අධීක්ෂණය යටතේ 7 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරවේලි හි තිලකාවතියර් බාලිකා නිවාසයේ ළමුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

2023 සැප්තැම්බර් මස 16 වැනි දින 7 වන ගැමුණු හේවා බළඇණියේ බලඇණි සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන පවත්වු අතර දිවා ආහාරය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රාදේශීය සපයාගත් අතර, උත්සවය සඳහා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් විසින්ද අවශ්‍යතා ලබා දෙන ලදී. මෙම වැඩසටහන සඳහා ළමුන් 25 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු සහභාගී විය.

මෙම අවස්ථාවට 233 පාබල බළසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් එම්පි හෙට්ටිආරච්චි ආර්එස්පි ශ්‍රිලංසිරෙ, 7 ගැහේබ නිළධාරින් 02හා සෙසුනිලයින් 10 උත්සවය සාර්ථක කර ගැනීමට සම්බන්ධ විය.