Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th October 2023 11:55:51 Hours

74 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව 7 වන කලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හිඟුරක්ගොඩ මිනිහිරි කාන්තා සුරකුම් මධ්‍යස්ථානයට ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදෙයි

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) අධීක්‍ෂණය යටතේ 23 පාබල සේනාංක මූලස්ථානයේ සහ 231 පාබල බලසේනා මූලස්ථානයේ උපදෙස් පරිදි 74 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ පූර්ණ දායකත්වයෙන් 2023.10.08 වන දින හිගුරක්ගොඩ මිණිහිරි කාන්තා සුරකුම් මධ්‍යස්ථානයේ කාන්තාවන් 25 දෙනෙකු හට උදා සහ දිවා ආහාර ලබාදීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීම හා සංගීතමය රසාස්වාදය ලබාදෙන ලදි. මේ සඳහා 231 පාබල බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරන නිලධාරී, 7 වන කලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, ඒකක සංගීත කණ්ඩායම ඇතුළු 03 x 16 ක භට පිරිසක් සහභාගී වන ලදි