Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 14:14:32 Hours

76 වන නිදහස් දිනයට සමගාමිව 5(සෙව්) ශ්‍රීලකාහ භටපිරිස් විසින් සිත්තාරු ප්‍රදේශයේ රුක්රෝපණ වැඩසටහනක් සිදුකරයි.

222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් කේ එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් 227/එෆ් සුරියපුර ග්‍රාම නිලධාරි වසමට මායිම්ව පිහිටා ඇති සිත්තාරු පාලමේ දකුණු ඉවුර පිහිටි භුමි ප්‍රදේශය තුල 76 වන නිදහස් දිනය සමගාමිව රුක්රෝපණ වැඩසටහනක් 2024.02.04 වන දින 5(සෙව්) ශ්‍රීලකාහ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ඩබ්එම්පීබී වෑකඩපොල යුඑස්පී පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 01X10 ක භටපිරිස් ප්‍රමාණයක සහභාගීත්වයෙන් මී පැළ 20 ක් රෝපණය කරන ලදි.