Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2023 08:01:35 Hours

8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් වෙරළතීරය පිරිසිදු කරයි

ආරක‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ උපදෙස් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම හා 242 වන පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපතිගේ අධීක‍ෂණය යටතේ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු අනිකුත් නිලධාරින් හා සෙසුනිළයින්ගේ සංවිධාන දායකත්වයෙන් තිරුක්කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සංගමන්ග්‍රාමම් සිට විනයාගපුරම් දක්වා මුහුදු තීරයේ කි:මි 02 ක් පමණ මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැමිබර් 21 දින පවත්වන ලදී

මෙම වැඩසටහන සදහා තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභාව හා තිරුක්කෝවිල් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහයෝගය ලබාදුන් අතර, තිරුක්කෝවිල් ප්‍රදේශ වාසින්ද වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහභාගි වන ලදි