Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 15:17:43 Hours

8වන බලඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් කුමන ප්‍රදේශයේ නිවසක් අවශ්‍ය පවුලක් සදහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සංකල්පයක් මත 24වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 242 පාබල බලසේනාවෙ බලසේනාධිපතිගේ උපදෙස් මත දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කුමන ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මත දිවිගෙවන නිවාසක් අවශ්‍ය පවුලක් සදහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයක් 8 වන බලඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඊඩිඑස්කේ දෙනියාය ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්ෂණය යටතේ පසුගිය 2024 පෙබරවාරි මස 05 දින සිදුකරන ලදි.

8 වන බලඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙනු ලබය අතර නිවස ඉදිකිරීම සඳහා මූල්‍යම දායකත්වය ප්‍රදේශයේ පරිත්‍යාශීලීන් විසින් ලබාදෙනු ලබයි.