Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd February 2023 20:34:52 Hours

අග්නිදිග විශ්ව විද්‍යාලයේ වෙරළබඩ පරිසරය සංරක්ෂණය කිරීම සඳහා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ඉවතලන ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන් සහ අපතේ යන පොලිතින් හේතුවෙන් ඔලුවිල් වෙරළ තීරය අධික ලෙස දූෂණයට ලක් වූ අතර, එමගින් ඔලුවිල් වෙරළ තීරයේ සුන්දරත්වය විනාසයට පත් වේ.

එබැවින් සිදුවී ඇති හානිය වළක්වා ගැනීමට සහ පාලනය කිරීම සඳහා ඔලුවිල් ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ නිලධාරින්, සෙබලුන් සමග අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්, සිසුන්, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

තවද මෙම වැඩසටහන සඳහා 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි , 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී මේජර් හෙට්ටිආරච්චි, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඔලුවිල් වෙරළාරක්ෂක ‌නාවික කඳවුරේ නිලධාරින්, අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ සිසුන්, අක්කරපත්තු පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගී වූහ.