Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th August 2022 10:19:54 Hours

ආඥාපති ආසේ (නැ) දීඝවාපිය නීරීක්ෂණ සංචාරයක.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී දීඝවාපිය රජමහා විහාරය, අම්පාර හි නිරීක්ෂණ සංචාරයක් 2022 අගෝස්තු මස 06 වන දින සිදු කරන ලදි.

මෙහිදි දීඝවාපිය චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු පිළිබදව ආඥාපති තුමන් විසින් නිරීක්ෂණය ලද අතර, ඉදිකිරීම් කටයුතු සදහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය සහ ගඩොල් වැඩපල නිරීක්ෂණය කිරීමද සිදුකරන ලදී. එමෙන්ම ඉදිකිරීම් කටයුතු කාර්යක්ෂමව සහ පලදායි අන්දමින් සිදුකිරීම පිළිබදව දීඝවාපිය චෛත්‍ය ඉදිකිරීම් සම්බන්ධීකරණ නිළධාරී කර්නල් කේ එච් එම් යු බි කොන්ගහපිටිය යුඑස්පි වෙත උපදෙස් ලබාදීමද මෙම නිරීක්ෂණ සංචාරයේදී සිදුකරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා ආඥාපති ආසේ (නැ) සමග 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී වන ලදි.