Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th June 2023 09:48:53 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) පොසොන් පොහොය දිනයේදී "කොස් සහ මඤ්ඤොක්කා" දන්සලක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් හා මගපෙන්වීම මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වැලිකන්ද නගරයේදී "කොස් සහ මඤ්ඤොක්කා දන්සලක්" පොසොන් පොහෝ දින උදෑසන සංවිධානය කරන ලදී.

වැලිකන්ද ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් 1500 ක් පමණ දන්සල භුක්ති විදින ලදි. දන්සල සඳහා කොස් සහ මඤ්ඤොක්කා ප්‍රාදේශියව එකතු කර ගන්නා ලදී. පොසොන් පොහොය දින රාත්‍රියේ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන ශාඛාව, පාලන ශාඛාව, භකාස ශාඛාව සහ ආරක්ෂක සේනා ඉංජිනේරු වැලිකන්ද විසින් නිර්මාණය කරන ලද අලංකාර පොසොන් පහන් කූඩු හතරක් ප්‍රදර්ශනය කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් පොසොන් පොහොය දින උදෑසන "දන්සල" විවෘත කරන ලද අතර සවස් වරුවේ පොසොන් කූඩු ආලෝකමත් කරනු ලැබූහ. තවද ආරක්‍ෂක සේනා (නැගෙනහිර) මූලස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා එක්ව සිටියහ.