Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th July 2023 14:50:21 Hours

ආරක්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) භට පිරිස් සඳහා වන්දනා චාරිකාවක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මූලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා සුහදත්වය වර්ධනය කිරීමට 2023 ජුලි 22 වන දින වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම චාරිකාව සංවිධානය කරන ලද අතර, ඒකාකාරී බව සමනය කිරීම සහ සහජීවනය වර්ධනය කිරීම මෙම චාරිකාව අරමුණ විය. මෙම ගමනේදී ත්‍රිකුණාමලයේ සේරුවාවිල විහාරස්ථානය, ලංකාපටුන විහාරස්ථානය සහ කෝනේෂ්වරම් කෝවිල වෙත භට පිරිස් චාරිකාවක නිරත විය. මෙම චාරිකාව සඳහා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 76 දෙනෙකු සිවිල් සේවකයින් 3 දෙනෙකු එක්ව සිටි අතර, එය සැමට අමතක නොවන දිනයක් විය.