Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd April 2024 16:22:49 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති 22වන පාබල සේනාංකය වෙත සංචාරයක් සිදුකරයි.

ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 අප්‍රේල් 1 වන දින 22වන පාබල සේනාංක මූලස්ථාන වෙත සංචාරයක් සිදුකරන ලදි. එතුමන් ප්‍රධාන දොරටුව අභයසදී කදවුරු මුර සංචාරයක් පිරිනමමින් ඉතා උණුසුම් ලෙස 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් පිලිගන්නා ලදී. අනතුරුව එම සේනාංකයයේ මතකසැමරුමක් ලෙස අමුත්තන්ගේ පොතට අත්සන් එක් කළේය.

භටපිරිස් අමතමින් මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තම සේවා කාලය පුරාවට ඔවුන් දැක්වූ ප්‍රශංසනීය සේවය සහ නොසැලෙන සහයෝගය වෙනුවෙන් සියළුම නිලයන් වෙත සිය කෘතඥතාව පළ කළේය. ඔහුට ඇගයීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් පිරිනමන ලද අතර පසුව හමුදා චාරිත්‍රානුකූලව සියලුනිල තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිළ ලැගුම්විව් බංගලෝ විවෘත කිරීම සහ 22 වන සේනාංකයේ බලඇණි වෙත පාපැදි බෙදාදීම සිදු කරන ලදී. මීට අමතරව, ගජබා රෙජිමේන්තුවේ 20වන බලඇණිය විසින් ඉදිකරන ලද පරණමඩවච්චිය ප්‍රදේශයේ අසරණ පවුලක් සදහා ඉදිකරන ලද නව නිවසක්ද ආඥාපති විසින් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව 20වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරී නිවස්නයේදී පැවති සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයටද ආඥාපති සහභාගී වීමෙන් පසු සිය අදහස්ද අමුත්තන්ගේ පොතේ සටහනක්ද තබන ලදී.

මෙම අවස්ථාව සඳහා 221, 222 සහ 223 පාබල බලසේනාවන්හි බලසේනාදිපති වරුන්, ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ 22වන පාබල සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.