Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th June 2023 16:30:40 Hours

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති නික්ම යන ලදී

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023.06.10 වන දින ආරක්‍ෂක සේනා (නැ) ආඥාපතිධූරයෙන් නික්ම යන අතර නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2023.06.07 වන දින සමුගැනීමේ ආචාරය පුදකරන ලදී.

නැගෙනහිර ආඥාපති තුමන් හට ප්‍රධාන දොරටුව අභියස දී කදවුරු මුරයක් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සරඔ භුමියේදී ගෞරව සම්මාන මුරයක් පුදකර නික්ම යන ආඥාපති තුමන් වෙත උපහාර දක්වන ලදී. තවද ඔහු සිය කාර්යාලයේදී රාජකාරි භාරදීම් සිදුකල අතර ආරක්‍ෂක සේනා නැගෙනහිර මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේ දී සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය.

තවද, නික්ම යන නැඟෙනහිර ආඥාපති භට පිරිස් අමතමින්, තම සේවා කාලය තුළ තමන් වෙත ලබා දුන් නොමසුරු සහය සහ සහයෝගය වෙනුවෙන් සියළුම නිලයන් වෙත ස්තුතිය පුද කළේය. නික්මයන ආඥාපති තුමන් හට ආරක්‍ෂක සේනා නැගෙනහිර, ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර, 22 සහ 23 වන පාබල සේනාංක වෙතින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. නික්මයන ආඥාපති වෙත සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නිළධාරී නිවස්නයේ දී සංවිධානය කරන ලද අතර, ආරක්ෂක සේනා නැගෙනහිර මූලස්ථානයේ නිලධාරීන් විසින් ඔහු වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 22, 24 වන පාබල සේනාංක වල සේනාංකාධිපතිවරුන් , බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අනෙකුත් නිලයන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.