Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th April 2024 12:35:53 Hours

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති විසින් සමාජයේ අනාගත නායකයින් සවිබල ගන්වන ශිෂ්‍යත්ව දෙකක්

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ මුලපිරීම යටතේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සුවිශේෂී සිසුන් දෙදෙනෙකු සඳහා අධ්‍යයනය විශිෂ්ටත්වය ඇගයීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් 5 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

දක්ෂ සිසුන් දෙදෙනෙකුගේ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කෙරෙන ශිෂ්‍යත්ව දෙකක් සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාග කරන ලද ප්‍රසිද්ධ දානපතියෙකු වන මෙවන් ජයතිලක මහතා විසිනි. මෙම ශිෂ්‍යත්ව ලාභීන් වූයේ ලකුණු 162ක් ලබාගෙන පොළොන්නරුව සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ මාස්ටර් එම්.කේ.කවිෂ්ක දේශාන් ආරියරත්න සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ලබා ගත් පොළොන්නරුව අලවකුබුර මහා විද්‍යාලයේ මාස්ටර් ආර්.පී.ඩී.එස්.එස් සවිඳි වික්‍රමසිංහ යන දරුවන් දෙදෙනායි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි, මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් ඒඑච්ඒඩි ආරියසේන ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා නැගෙනහිර බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වන ලදි.