Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th June 2023 10:37:33 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී

නව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) පරිශ්‍රයේදී ආගමික වතාවත් සිදුකිරිමෙන් පසුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් සහ සරඹ භූමියේදී ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් පවත්වන ලද ආගමික කටයුතු සහ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ආඥාපති පත්වීම් භාර ගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් කරන ලදි. ඉන් අනතුරුව ආඥාපති පැළයක් රෝපණය කිරීමෙන් පසු සමූහ ඡායාරූප දෙකකට පෙනී සිටියේය.

අනතුරුව නව ආඥාපති වෙත තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසු භට පිරිස් ආමන්ත්‍රණය කරන ලදි. ඉන් පසුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරින් විසින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) බළප්‍රදේශයේ වගකීම් හා පරිපාලන කටයුතු පිළිබද ආඥාපති දැනුවත් කිරිමේ සාකච්චාවක් පැවැත්වීමෙන් පසු දවසේ කටයුතු අවසන් වන ලදි. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති , පාබල බලසේනාවන් හි බළසේනාධිපතිවරුන් ,බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඇතුලු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.