Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th June 2023 12:13:10 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) අඥාපතිතුමන්ගේ 24 පාබල සේනාංකයෙහි සංචාරය

ආඥාපති, ආරක්‍ෂක සේනා (නැ), මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සී නව පත්වීම සඳහා සමුගැනීමට දින කිහිපයකට පෙර, 2023 ජුනි 05 වන දින මල්වත්ත-අම්පාර පිහිටි 24 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය.

24 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ සියලුම නිලධාරීන් විසින් මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 24 වන පාබල සේනාංකය වෙත උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලවය. එමෙන්ම සේනාංකාධිපති තුමාගේ පිලිගැනිමෙන් පසුව ඔහු 24 වන පාබල සේනාංකයේ නිලධාරින් සහ ඒ යටතේ පාලනය වන බලසේනාධිපතිවරුන්, සියලුම අණදෙන නිලධාරින් ඇතුළුව භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව ඔහු වෙත අලංකාර සමරු පලකයක්ද පිරිනමන ලදි.

තවද එදින මතකයන් සනිටුහන් කරමින්, නික්ම යන ආරක්‍ෂක සේනා (නැ) අඥාපති තුමන් විසින් පැළයක් සිටුවා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ආරාධනා කරන ලද අතර, උත්සවයේ නිමාව සනිටුහන් කරමින් එතුමන් වෙනුවෙන් සමුගැනිමේ දිවා භෝජන සංග්‍රහය සේනාංකයේ නිලධාරි නිවස්නයේදි පිරිනැමුනු අතර මේ සදහා සියලුම නිලධාරීන් සහභාගි විය.

සේනාංකයෙන් පිටත්ව යාමට පෙර, ආරක්‍ෂක සේනා (නැ) අඥාපති තුමන් විසින් 24 වන පාබල සේනාංක නරඹන්නන්ගේ පොතෙහි ඔහුගේ රාජකාරි කාලසිමාව පිලිබද සිතුවිලි සහ ප්‍රශංසා කිහිපයක් තැබීය.