Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th November 2023 10:20:59 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) අණදෙන නිලධාරින් සහ දෙවන අණදෙන නිලධාරින්ගේ වැඩමුළුවේ දෙවන අධියර පවත්වයි

හිටපු ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍ර‍දේශයට අයත් අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 ක වැඩමුළුවක් ජූලි මස සංවිධානය කරන ලදී.

එම වැඩමුළුවේ II වන අදියර 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හිදී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි. වැඩසටහන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුවට ආරාධිත දේශණය සදහා පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ආචාර්ය අජිත් රෝහණ මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා හමුදා සහාය ලබා ගැනීම පිළිබඳ දේශණය පවත්වන ලදී. ඉන්පසු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සමග රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගී විය. තවද, මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරීන්ද සහභාගි වූහ. මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් පරිපාලනය, පරිපාලනය සහ සැපයුම් කටයුතු සඳහා හමුදා සහාය, අණදෙන නිලධාරීන්ගේ වගකීම් සහ මානව කළමනාකරණය, සමාජ ආරවුල්/මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ සෙබළුන් සඳහා සාමාන්‍ය උපදේශනය සහ සෙබළුන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පවතින සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන ලදී.

පුහුණු වැඩසටහන 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අධීක්ෂණය කරන ලදී. මෙම වැඩමුළුව සඳහා අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිළධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී විය.