Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th June 2023 12:31:56 Hours

කින්නියා නගරයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 18 වන දින කින්නයා ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන (Methamphetamine) අයිස් ග්‍රෑම් 5ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.