Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th February 2024 13:21:28 Hours

ත්‍රී/කන්/මහවැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ පලමු ශ්‍රේණියට පාතබන සිසුන් සඳහා පාසල් උපකරණ සහ “සිසු උදාන” නමින් ගිණුම් ප්‍රධානය කරයි.

22වන පාබල සේනාංකය යටතේ පාලනය වන 222වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 විජයබාහු පාබල රෙජිමේන්තු බළප්‍රදේශයට අයත් ත්‍රී/කන්/මහවැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ 01 වසරට පා තබන දූ දරුවන් 90 දෙනෙකු සදහා පාසල් බෑග්, පොත් කට්ටල හා “සිසු උදාන” නමින් ඉතිරි කිරිමේ ගිණුම් ප්‍රධානය කිරිම 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් 2024.02.22 දින පවත්වන ලද අතර, මෙහි මුල්‍යමය දායකත්වය ත්‍රිකුණාමලය මහජන බැංකුවේ කළමාණාකරු විසින් ලබාදි ඇත.