Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th April 2024 23:25:58 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 24 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 06 දින 24 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව, එතුමන් 24 පාබල සේනාංක මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවේදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළ භටපිරිස් විසින් කැපවීමෙන් රාජකාරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය. ඉන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. පසුව, එතුමන් දීඝවාපිය විහාරස්ථාන ව්‍යාපෘතියේ නිරතව සිටින භටපිරිස් ආමන්ත්‍රණය කර එම චෛත්‍යයේ ඉදිකිරීම් පරිශ්‍රයේ සිමෙන්ති ගලක් තැන්පත් කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින රාත්‍රියේ නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.