Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd June 2023 10:28:23 Hours

නව නැගෙනහිර ආඥාපතිවරයා භට පිරිස් හමුවේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 20 සහ 21 යන දිනයන්හිදී 24 වන පාබල සේනාංකය සහ එහි යටතේ ඇති බලසේනා සහ ඒකක වෙත ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

නැගෙනහිර ආඥාපතිවරයා ජුනි 20 වන අඟහරුවාදා උදෑසන 18 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත ළඟා විය. 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ධනික පතිරත්න සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් උදිත කළුආරච්චි විසින් ආඥාපතිවරයා 24 පාබල සේනාංකය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ආඥාපතිවරයා 241 පාබල බලසේනාව, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව, 242 පාබල බලසේනාව, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සංචාරයේ නිරත වූ අතර, ආඥාපතිවරයා සම්ප්‍රදායානුකූලව මුහුදුමහා විහාර‍යේ විහාරාධිපති හමුවි ආශිර්වාද ලබා ගත්හ. පසුව, ආඥාපතිවරයා සිය සංචාරයේ පළමු දිනය අවසන් කළේය. බලසේනා මූලස්ථාන දෙකේදී, බලසේනාධිපතිවරුන් විසින් නවතමයෙන් පත් වන ලද ආඥාපතිවරයා වෙත ඔවුන්ට අයත් බලප්‍රදේශවලට අදාළ මෙහෙයුම් රාජකාරි සහ පරිපාලන කටයුතු පිළිබඳව දැනුවත් කරන ලදී.

තවද, ජුනි 21 දින සිය සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින්, නැගෙනහිර ආඥාපතිතුමා, බුද්ධංගල විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගත් අතර, දීඝවාපි විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කලේය. පසුව ඔහු 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව වෙත පැමිණි අතර ඉන් අනතුරුව 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව වෙත ගොස් 24 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ සංචාරය අවසන් කළේය. සංචාරය අතරතුර 24 වන පාබල සේනාංකයට අයත් බලසේනා ඒකකවල භට පිරිස් සමග සුහද පිළිසදරක යෙදිමටද ආඥාපතිතුමා අමතක නොකළේය. සියළුම මූලස්ථාන විසින් වර්ණවත් පසුකරයෑමේ කදවුරු මුරයක් ප්‍රධානය කරමින් අභිනවයෙන් පත් වූ නැගෙනහිර ආඥාපතිවරයා සිය මූලස්ථාන වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආඥාපතිතුමන් තම සංචාරය සංකේතවත් කිරීම සඳහා පැළයක් රෝපණය කර චාරිත්‍රානුකූලව සෑම මූලස්ථානයකම ආගන්තුකයන්ගේ පොතෙහි තම සුබ පැතුම් පණිවිඩය සටහන් කරන ලදී.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි, 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ධනික පතිරත්න, 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන භකාස යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ 24 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඇතුලුව අදාළ බලප්‍රදේශවල අණදෙන නිලධාරීන් ද මෙම සංචාරය සඳහා සහභාගී වූහ.