Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th June 2023 06:27:28 Hours

නැගෙනහිර ආඥාපති "සේරුනුවර විහාරස්ථානයෙන්" ආශිර්වාද ලබා ගනී

22 වන පාබල සේනාංකයේ නිල ක්ෂේත්‍ර චාරිකාව අතරතුර, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 17 දින සේරුනුවර විහාරස්ථානය වෙත පැමිණියේය.

එමෙන්ම, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා සවස ආගමික වතාවත් සඳහාද සහභාගී විය. ප්‍රථමයෙන් ඔහු විහාරස්ථානයේ "නායක තෙරුන්" සමඟ විහාරස්ථානයේ සහ ප්‍රදේශයේ ආගමික වැඩසටහන පිළිබඳව සාකච්ඡා කළේය. අනතුරුව "හේවිසි" නාදයත්, සවස් යාමයේ "පූජාවට" රැස්ව සිටින පිරිසගේ ආශිර්වාදයත් ඇතිව සේරුනුවර "ස්ථූපයට" බුද්ධ පූජාව පූජා කළේය. අනතුරුව සේරුනුවර විහාරස්ථානයේ "ස්ථූපය" අබියස පැවති ආගමික වතාවත්වලට සියලු දෙනා සහභාගී වූ අතර ආගමික වතාවත් අවසානයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා සේරුනුවර විහාරස්ථානයේ "ස්ථූපය" අභියස ආශිර්වාද ලබා ගත්හ.

මෙම අවස්ථාවට 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන/භකාස සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ද සහභාගී වූහ.