Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th June 2023 06:33:20 Hours

නැගෙනහිර ආඥාපතිවරයා 22 වන පාබල සේනාංකය වෙත නිල සංචාරයක්

22 වන පාබල සේනාංකයේ සහ එහි යටතේ ඇති බසේමු හා ඒකක වල කාර්යභාරය සහ රාජකාරි පිළිබඳව දැනුවත් වීමේ අදහසින්, අභිනව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 16 සහ 17 යන දිනයන්හිදී, 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සිය ප්‍රථම දෙදින නිළ සංචාරය සිදු කරන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා ප්‍රථමයෙන් උදෑසන කෝනේෂ්වරම් කෝවිලෙහි "පූජාව" වෙත සහභාගි වු අතර, පසුව ඔහු ත්‍රිකුණාමලය22 වන පාබල සේනාංක මූලස්ථානය වෙත පැමිණෙන ලදී. එහිදී, සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඔහුව 22 වන පාබල සේනාංක මූලස්ථානයට සාදරයෙන් පිළිගනු ලැබීය. හමුදා සම්ප්‍රදායන් සමඟ සේනාංක මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී නවතමයෙන් පත් වන ලද නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයාට පසුකරයෑමේ කදවුරැ මුරයකින් ආචාර කරන ලදී. ඉන්පසු ඔහු සමූහ ඡායාරූපයකට පෙනීසිටි අතර තම සංචාරයේ මතක සංකේතයක් ලෙස පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව අනතුරුව 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් අමතමින්, අඛණ්ඩපුහුණුව තුලින් වෘත්තීය නිපුණත්වය සහ සෑම තරාතිරමකම ඉහළම විනය ප්‍රමිතීන් පවත්වා ගනිමින් වැඩකටයුතු සිදු කිරීම පිළිබඳව අවධාරණය කළේය.තවද, 22 වන පාබල සේනාංකයෙහි සියලු නිලයින් විසින් ආඥාපතිතුමා සඳහා ගෘහස්ත ක්‍රිඩාගාරයේදී සියළු නිල තේ පැන් සංග්‍රහයක් සංවිධානය කරන ලදී. ඉන් අනතුරුව, සේනාංකාධිපතිසහ බුද්ධි නිලධාරි විසින් ආඥාපතිතුමා බලප්‍රදේශයේරාජකාරි, වගකීම්, කාර්යභාරය සහ කාර්යයන් පිලිබදව දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් පවත්වන ලදී.

ඉන් අනතුරුව, ඔහු 2 වනබළඇණිය ගජබා රෙජිමේන්තුවට පැමිණි අතර, කඳවුරු සංචාරය අතරතුරදී, ඔහු ෆෙඩ්රික් කොටුව නැරඹීමටද ගියේය.සවස් වරුවේ කුච්චවේලි හි 221 පාබල බලසේනාව සහ පුල්මුඩේ 20 වන බලඇණි ගජබා රෙජිමේන්තුවෙහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. 2023 ජූනි 17 දින උදෑසන, ආඥාපති, මුතූර් හි ස්ථානගත 223 පාබල බලසේනාව වෙත පිටත් වූ අතර, 223 පාබල බලසේනාව බලසේනාධිපති විසින්,ආඥාපතිතුමන් උනුසුම් ලෙසබලසේනාව වෙත පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ඔහු තඹලගමුවෙහි පිහිටි 15 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය වෙත සහ ජයන්තිගම පිහිටි 222 පාබල බලසේනාව නිරීක්‍ෂණය කරන ලදී. ඉන්පසුව, ඔහු කන්තලේ පිහිටි 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත සංචාරය සිදු කලේය. අවසානයේ කල්ලාර්හි පිහිටි 24 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සංචාරය සිදු කර එය සමඟම ඔහු, 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය අවසන් කළේය.

ආඥාපති, සියළුම මූලස්ථාන වෙත පැමිණිමේදී, කදවුරුවල භට පිරිස් විසින් පසුකරයෑමේ කදවුරැ මුරයක් ලබා දෙන ලදී. එක් එක් ස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ඔහු අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීමට සහ කඳවුරු සංචාරයේදී පැළයක් සිටුවීමට අමතක නොකළේය. මෙම දින දෙකක සංචාරයන් සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි, 22 වන පාබල සේනාංකයට අයත් බලසේනාවන්හි බලසේනාධිපතිවරු, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, 22 වන පාබල සේනාංක‍යෙහි මාණ්ඩලික නිලධාරීන්, බල ප්‍රදේශයේ අණදෙන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.